iranama
සතුටින් ජීවත් වන්න
ජ්යෙතිෂයෙන් ඔවදනක්
අප්පුහාමි මාමා මිරිස් පැළ කීපයක් වත්ත පහළ ඉන්දුවේය. හැබැයි මාස ගණනාවක් ගතවනතුරු ඔහුට ඒ පළාතකටවත් යන්නට නොහැකි විය. එක් දිනක් ඔහු හිටවූ ඒ මිරිස් පැළ සිහිවී බලන්නට ගියේය. නමුත් මිරිස් ගස් දක්නට ලැබුණේ නැත. ඒ වල් ගස් මතුවී මිරිස් ගස් නොපෙනුන බැවිනි.
වල්ගස් එහා මෙහා කර බලද්දී අසරණව යටපත්ව කරංගෑටි ලෙස වැඩී තිබූ මිරිස් ගස් මතුකර ගත හැකි විය. එහි මිරිස් කරල් හත අටක්ද අප්පුහාමිට කඩාගත හැකිවිය. මිරිස් ගස ලෝක ස්වභාවය අනුව වැඩුනේය. වල්ගස් ඉතා ශක්තිමත් ලෙස වැඩුනේය. එනිසා මිරිස් ගස බාලවිය. පළදාව අඩුවිය. අප්පුහාමි මේ සිටවූ මිරිස් ගස් වල්පැළ උදුරා දමා පස බුරුල් කර වතාවත් කළා නම් මිරිස් ගස් සරුවට වැඩී මිරිස් කරල් කඩා ගැනීමේ හැකියාව තිබිණි.
ගෙවීගිය 2015 වසර තුළ මිනිස් සිත්ද එවැනිම විපර්යාසයකට පත්ව අඩු අස්වනු නෙලාගත් බව පෙනේ. එනම් තම සිතුම් පැතුම් ඉටුකරගත් ආකාරය ගැනය. ජන්ම පත්රය රැගෙන කීවරක් දෛවඥයන් ළඟට යන්නට ඇද්ද? ඇතැම් විsට ජන්ම පත්රය බලා ඔබට අසවල් දා සිට සුබ දෛවයක් උදාවෙන බව ඇසූවත් එවන් සුබයක් අද වෙනතුරු නොලැබුනා විය හැකිය. එවිට ඔබ එසේ පැවසූ ජ්යාතිෂඥයා බොරු කීවා යෑයි දොස් පවරන්නටද ඇත.
එසේ ඔබට ජ්යෙdතිෂඥයා ප්රකාශ කළේ ඉදිරි මාස කීපයකින් ඉතාම සුබ ග්රහයෙකුගේ දශාවක් ලබන බව දකින නිසා විය හැක. එහෙත් ඒ සුබ ග්රහයාගෙන් ඔබට ඵලය සුබ නොවුණේ ඇයි? ප්රශ්නය ඇත්තේ එතනය. ග්රහයෙකුගේ බලය තුළ සුබ අසුබ දෙකම ක්රියාත්මක කිරීමේ හැකියාව පවතී. ඔහු ලබාදෙන ඵලය සුබ හෝ අසුබ වන්නේ ඔබේ මනස - මනෝ විඤ්
Wmqgd .ekSu u